පුංචි කාලේ අපි ඇහුවා කියලා දුන්නා ගැයුවා මතකද?????
ඒත් කවුරුත් තේරුම කියලා දුන්නද????
රෝස මලේ නටුවේ කටු...
-------------------------------------------------------------------------------------------------------

ඇත්තටම මේක වැඩිහිටියෙක් හා ළමයෙක් අතර සංවාදයක් .....
මටත් තේරුනේ ඉස්කෝලේ උගන්නද්දී......

සිංදුව කියන්නේ වැඩිහිටියා.....නමුත් ගීතයේ වැඩිහිටියා පෙන්න්වන්නේ ළමයෙක් විදිහට ....
බඹරා තමයි සැබෑ සමාජයේ ළමයා....

වැඩිහිටියා (ළමයා ) - රෝස මලේ නටුවේ කටු
වන බඹරෝ.....ඔහොම හිටු.....

මෙතන රෝස මල කියන්නේ අපි වෙසෙන සමාජය.....ඒ සමාජයේ තියෙන නරක පැත්ත තමයි කටු විදිහට උපමා කලේ...මල වෙත යන බඹරා හෙවත් සමාජය ට ඇතුළු වන ළමයාට වැඩිහිටියා කියනවා "රෝස මලේ නටුවෙ කටු වන බඹරෝ ඔහොම හිටු" ඒ කියන්නේ " බලාගෙන ඔය සමාජයේ නරක දේවල් තියනවා පොඩ්ඩක් නැවතිලා විමසන්න."

ළමයා ( බඹරා) - නටුව නොවේ මම මල සිඹිමි....
මම ළමයෝ පැණි උරමි......


දරුවා බුද්ධිමත් ....ඔහු කියනවා මම නරක පැත්තට යන්නේ නෑ.....මට ඕන හොඳ දේ සහ ඒ දේවල් ජීවිතය ට ගන්න....ඒක ලස්සනට කියනවා....නටුව නොවේ මම මල සිඹිමි....මම ළමයො පැණි උරමි.....කියලා....

මේ ළමා ගීත ඔහේ ළමයින්ට කියලා දෙනවට වඩා එකේ අර්ථය දන්න භාෂාවෙන් කිව්වනම් දරුවන් දඩබ්බර උනත් සංවේදී හිතක් හදන්න පුළුවන් .....

චිරාත් උයනහේවා

Comments

Popular posts from this blog

ගීතයක අතීතය හා අර්ථය 1