පියුමෙහි පැණි බොති වන බඹරු 
-------------------------------------------------

බොරුවෙන් වැසුනු සමාජයේ යථාර්ථය 

C.T ප්‍රනාන්දු මහතා ගේ සවන පිනන ඒ ගීය

පියුමෙහි පැණිබොති වන බඹරු..
මල මත නොරැඳෙති කළු දෙබරු....

මුලින්ම ගැහුවේ සමාජයේ ඉන්න පැණියනටයි , ඇඹලයන්ටයි...ඇන කාරයොන්ටයි.....
ගිය තැන වැඩේ කරගෙන එන්නේ නැතුව එතනට වෙලා අලවෙවී චාටර් වෙවී ඉන්න උන්ට ඔය විදිහට දමලා ඇරියා...
ඒ වගේම ගෑණු න්ට පැණි හලන සෙවලයන්ගේ කනටත් වැදුනා...
බඹරු සහ දෙබරු දෙගොල්ලොම මල් වලින් පැණි බිව්වට දෙබරා උගේ status තියාගෙන එනවා...මිනිස්සු ත් සමහර විට එකම වෘත්තයේ හෝ එකම දේ කලත් ඔවුන්ගේ පෞරුෂයන් වෙනස්. ඒවා එන්නේ සහජයෙන්...

දහවල් නොදිලෙයි අඹරෙ තරු....
අවරින් නොනැගෙයි නැගෙනහිරු ...

මේවා නොවෙන දේවල්....
ඒවගේ සමහරුන් ගේ ජන්මෙ පුරුදු අරින එක කරන්න බැරි වැඩක්...

කීවත් ඉමිහිරි පද උපුටා ....
කොවුලෙකු වෙනවද කළු කපුටා...

නැති දේවල් පෙන්නලා සමාජයේ තැනක් හදා ගන්න දඟලන පඩ ෂෝ කාරයන්ගෙයි..........අනුන්ගේ සහජ හැකියාවන් තමන්ට තියනවා කියලා පෙන්නන්න යන පුස්සන්ගෙයි....තමන් කවුද කියලා අමතක උන මාන්නක්කාරයොන්ගෙයි ඇඳන් ඉන්න වස්තරය ගලවන්නේ මෙතන.....කොවුලෝ වෙන්න හිතාගෙන සද්දෙ දාන්න යන කළු කපුටන්ට වෙන්නේ රෙද්ද නැතුව එලියට බහින්න.

සුදු පැහැ හැරියේ කවුද කිරේ.....
මුතු නොබදිති ගිරවියගේ කරේ..

සමාජයේ සමහර මිනිස්සු ඉන්නවා අර තැනක් තියන් ඉන්න ....සමහරු විවිධ චෝදනා කරලා අපහාස කරලා ඒ ගෞරවය නැති කරන්න හදනවා ...ඒත් ලේසි නෑ....මොකද සමාජය දන්නවා පුද්ගලයා කවුද කියලා....හරියට කිරි වල සුදු පැහැය නැති කරන්න බෑ වගේ...හැබැයි චෝදනා ඔප්පු උනොත් කිරි කළේට ගොම බිඳුවක් වැටුනා වගේ වෙනවා.....
සමහර මිනිස්සුන්ට ලැබෙන ගෞරවය උප්පත්තියෙන් එනවා.........හරියට ගිරවියගේ කරේ මුතු නොබැන්දාට එකිට මාල ගිරවිය කියනවා වගෙ...

කුසගිනි හැදුනට ඉඳුල් නොකව්.....
තණ කොළ නුබුදිති සිංහ පැට්ව්....

සමාජයේ ගෞරවයට පාත්‍ර වූ කෙනෙක් කිසිදාක බඩ ගින්නේ මැරුණ ත් සිය ගෞරවය ආරක්ෂා කරනවා වැරැදි කරන්න බය වෙනවා...මොකද අහුවුණොත් ඊට වඩා සැපක් වහ කලා ගන්න පුළුවන් නිසා...ඒ නිසා මොනදේ කරන්න ගියත් ඔවුන් ට හිමි ගෞරවය ගැන හිතනවා.....

කොඳ මල් නොපිපෙයි ගිරි මුදුනේ .....
ගව තෙල් නොදමයි රන් බඳුනේ ...

කොඳ මල නැත්නම් පිච්ච මල ( මගේ දැනුමේ හැටියට ) සුවඳ හමන මල්.....ඒවා ගිරි මුදුන්වල වගේ කර්කශ තැන් වල පිපෙන්නෙ නෑ....හරියට ජීවිතය සුවඳවත් කර ගත්ත මිනිස්සු බොරු කාරයනවයි......චාටර් පොරවල් ලා.....ආශ්‍රය කරලා ජීවිතය ගඳ ගස්ස ගන්නේ නෑ වගේ.......ඒවගෙේම රන් බඳුන් වලට ගව තෙල් දාගන්නවා වගේ තමන්ගේ වටිනා ජීවිතයේ වටිනාකම නැතිවෙන විදිහට දෙකයි පනහේ චාටර් වෙච්ච චරිත තමන් ගේ ආශ්‍රයට ගැනීම....නොගැලපෙන මිනිස්සු ආශ්‍රය කරලා අමාරුවේ වැටෙනවා වගේ ගොන් වැඩ කරන්නේ නෑ...

හැදෙනවනම් මිනිහෙක් ට මහා මංගල සූත්‍රය , සිරිත් මල් දම වගේ මේ ගීතත් ඇති.....

චිරාත් .....

Comments

Popular posts from this blog

ගීතයක අතීතය හා අර්ථය 1