ගීතයක අතීතය හා අර්ථය 1

ප්‍රියා සූරිසේන දවසක් මෙලඩියක් අරගෙන ප්‍රේම කීර්ති ගාවට ආවා...ඇවිල්ලා කිව්වා ප්‍රේම් අයියා මෙලඩියක් තියනවා සිංදුවක් ලියලා දෙන්න කියලා. උඹ මෙලඩිය හම්ප් කරපං කියලා කිව්ව ප්‍රේම් ඉක්මනට වචනයක් ලියලා දුන්නා...දැනට මේක දලා බලපං..ඉතිරි ටික පස්සෙ ලියලා දෙන්නම් කියලා.... සිංදුව බලපු ප්‍රියාගේ...ඇස් උඩ ගියා...තිබ්බෙ මෙච්චරයි ... " ආදරණීය නේරංජනා "..... සිංදුවේ මුල් කොටසේ මෙලඩියට මේක වචන දෙකක් උනත් කදිමට ගැලපුනා.. ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා දෙවැනි පද පේලිය මෙහෙම ලියවුනා.. ඔබ මුදු මදහස් රැළි මාලාවේ වෙලී බැදුණු දින රඟ ශාලාවේ තුන් හිතකින්වත් නොසිතූ විලසින් යළි ඔබ දැකුමට ආ වේලාවේ අප හමු වූ ගෙවුයන් සීමාවේ එක මොහොතක් පමණකි තනි වූයේ මටම ම පුදුමයි අදහන්නට බෑ මම ම නොවේ යළි ඉන් පිට වූයේ ක්ෂනික ව හමුවුන ඇයව නැවත හමුවෙනවා... ඔවුන් ගේ අදහස් , ආදරය , මෙකී නොකී සියල්ල එහෙදී හුවමාරු වෙනවා.... ඕනම පිරිමියෙක් ගේ සිතුවිලි ගැහැණියකට මොහොතින් වෙනස් කරන්න පුළුවන් කියන තියරිය මෙතන ලෙසටම කියවෙනවා .... ද...