මතක් උනා මටත් ඒ අතීතය

මේ දවස් වල පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලවල් පැවැත්වෙනවා...
මතක් උනා මටත් ඒ අතීතය නැවතත්...සොඳුරු මතකයන් ගෝනියක් පිරෙන්න...
මුලින්ම අපේ පන්තියේ වැඩර් ලා මතක් කරන්න ඕන...කට්ටා Asela, 100m, 200m දුර පැනීම ශූරයා..එක පාරක් 15 න් පහල ශූරතාවයත් ගත්තා..හිමිඩිල්ලා sashika ..200m , 400m දුරපැනීම ශූරයා..අමිත් 100m,200m ,දුරපැනීම, චන්දන රිලේ ටීම් එකේ..ඇටයා janith 800m ..මම කවපෙත්ත , උස පැනීම , 1500m..ජයා 400m කෙල්ලෝ ගත්තොත් ගයනී 100m, 200m ලකීශා 200m 400m..ප්‍රියන්ත යගුලිය , හඟා Nuwan කවපෙත්ත ,,,ඔය ඔක්කොම ක්‍රිකට් , වොලි බෝල්, නෙට් බෝල් වලටත් දක්‍ෂයි. අමතක උනා බනිසා sepala 100m,200m,,ක්‍රිකට් , වොලිබෝල්.. වත්සලා යගුලිය , නෙට්බෝල් .
අපේ හොඳම ක්‍රීඩා උළෙල ආවේ 2003...අපි සාමාන්‍ය පෙළ...17න් පහල...ඔන්න පටන් ගත්තා..මගේ ඉසව්ව උනේ කවපෙත්ත සහ උස පැනීම..කවපෙත්ත මාත් එක්ක දැම්මෙ මගේ හොඳම යාළුවා හඟා...මම එක උනා...උස පැන්නා...මගේම නිවාසේ කෙනෙක් දෙවෙනියා වෙනකොට මම පලවෙනියා...දැන් හරි...ගොඩ ..ඔය එක්කම නිවාසේ අයියාලා කිව්වා තව එකක් කරපන් උඹට champion වෙන්න පුළුවන් කියලා...නීතියේ හැටියට පිටිය ඉසව්(field events) දෙකක් කලොත් ඊලඟ එක ජවන (track events) වෙන්න ඕන. ඉතින් මම කොහේ දුවන්නද..අපේ උන්ම 100m,200m 400m,800m අල්ලන් ඉන්න කොට..මම කිව්වා මට බෑ ...ඕක වෙන වැඩක් නෙමේ..කියලා...කොහෙන් කොහොම හරි මොකෙක් හරි එකෙක් මාව 1500m ට දාලා...පිට්ටනියෙ එක වටයක් 200m..ඒ කියන්නෙ වට 7හ මාරක් දුවන්න ඕන..මැරිල වැටෙන වැඩක්...මට 100m දිව්වමත් මහා ප්‍රාචීරය වැඩ කරන්නෙ නැතුව යනවා...ඒත් හිතේ ආසවක් තිබ්බ දුවන්න ...ඉසව්ව තියෙන්නෙ ක්‍රිඩා උළෙල දවසේ..කලාන්තේ දාලා වැටුනෙත් අමු නෝන්ඩිය ,,,ඔක්කොම බලාගෙන ඉන්නවනේ....මම ඉතින් හවසට ගිහිල්ලා දුවනවා පුරුදුවෙන්න ...කොහෙද වට දෙක හා මාරයී...බෙල්ල මිරිකලා වගේ හති...ඕන මගුලක් වෙද්දෙන් කියලා හිමීට දිව්වා..කෙඩෙට් කරපු නිසා එකේ කිලෝමීටර ගානක් දුවපු නිසා මම හිත ගත්තා ලෙෆ්ට් රයිට් කිය කිය දුවන්න,,,එතකොට එච්චර ගානක් නෑ...ඔන්න දවස ආවා..මගේ වෙලාවට ඒක තිබ්බේ උදේ..අව්ව අඩු නිසා අවුලක් නෑ...හීන් දාඩිය දැම්මෙ දුවන උන් දැක්කම..ඔක්කොම මැරතන් දුවපු උන්...උන්ට සම්මජ්ජාතියකට හති වැටෙන්නෙ නෑ...මම හිටියේ මැරත්න් එකේ නිවේදකයා විදිහට  ...උදේ පාන්දර රෙද්ද ගැලවෙන්න යන බව තේරුනා  ...හවුස් එකේ උන් චියර් කරනවා...ඔන්න පටන් ගත්තා..ඔක්කොම හැල්මේ දුවනවා..මමත් කොහොම හරි උන් සෙට් එකත් එක්ක දිව්වා..වට 4 යන කොට ඔන්න හති...ඔය අස්සේ හවුස් එක ලඟින් යන කොට තියෙන කාඩ් ඔක්කොම කියලා කෑ ගහනවා...මම බලුවා අම්මටසිරි දුවන්නෙ 4යි...අනිත් උන් අයින් වෙලා වැටිලා...අන්තිම වටයට ආවා...මෙඅරුනත් කමක් නෑ කියලා උපරිම වේගයෙන් දිව්වා..ඉස්සරහ දෙන්නෙක් ලණුවක් ද කොහෙද අල්ලන් හිටියා..එකත් ගලවගෙන මම ගියා...හවුස් එකේ කොල්ලෝ ටික දුවන් ආවා..අඩෝ වැඩේ හරි උඹ එක...කියලා උස්සන් ගියා...පියවි සිහියට එන කොට හිටියේ හවුස් එකේ හඳපු ලී ඇඳ උඩ...එකෙක් කකුල අතගානවා,,අනිකා බීම වීදුරුවක් තියන් පොවනවා,,,රජ සැප...ඔය අතරේ කෙල්ලොත් එනවා..මම කොහොම හරි ඒ අවුරුද්දේ 17 පහල ශූරයා උනා ,,සහතික එක්ක වීදුරු සෙට් එකක් හම්බ උනා...නිවාසය ගැමුණු . අනිත් ඒවා විජය, පැරකුම්...ඉස්කෝලේ පදියතලාව ජාතික පාසල.
හවුස් හඳන කාලේ පරේ කරන්ට් වයර් වලින් කොකු දාලා කරන්ට් එක ගත්තා. අහල පහල පොල් වතු , වට්ටක්ක හේන් පාළු කලා...රෑට බේකරිවලින් බනිස් ඉස්සුවා. මේ වගේ කතා ගොඩයි..මතක ඒවා කමෙන්ට් කරන්න...මේ දැක්කම ඒ අතීතය මතක් උනා...
චිරාත්.

Comments

Popular posts from this blog

ගීතයක අතීතය හා අර්ථය 1