පදියතලාව ජාතික පාසලේ කැන්ටිමේ මතකය
පදියතලාව ජාතික පාසලේ කැන්ටිමේ මගේ මතකයට මුලින්ම එන්නෙ අංකල් කැන්ටිම කරපු කාලේ...ඒක තිබ්බෙ චමරියේ කාමරයක..මගේ මතකයේ හැටියට පස්සේ ආරිසේන සර් හිටියේ ඒ කාමරේ...එතකොට මම 1 වසරේ...මගේ අම්මත් ගුරුවරියක් උනු නිසා මම ගිහිල්ලා ඒකෙන් ටොෆි කාලා තියනවා අම්මා සල්ලි දෙයි කියලා..
.

නමුත් ජොලිම කාලේ ආවේ මම 8 වසරට ආවට පස්සේ...එතකොට කැන්ටිම කලේ ජනන්ද අයියා ..
ඕකේ රස කථා ගොඩයි...ගොඩක් අය ණයට කෑවා..මම කෑවේ අම්මාගෙ බිලට දාලා..කැන්ටිමට යන්න වේලාව්ක් කලාවක් නෑ...ලැබිච්ච ගමන් යනවා...ගිහිල්ල එක ප්ලේන්ටිය හතරපස් දෙනා බොනවා...එක වඩේ එක කෑලි දහයකට විතර කැඩෙනවා...ගොඩක්ම අන්ඩපාල වැඩ කලේ 10- 11 වසර වල...අපිට නිතියක් දැම්මා අවේලාවේ කැන්ටිම ට යාම තහනම් කියලා.
දවසක් අපේ උන් ටික කැන්ටීමේ කන කොට එකපාරටම ධනපාල සර්..(අපි ආදරය ට කිව්වේ තඩි ධනපාල සර්) කියලා...ආව ගමන් වේවැලෙන් කෙල ගෙන ගියා...කැන්ටිමේ දොරට මාව මුවා උනා...ඒක උනේ ඉබේටම ..අනිත් උන් වඩේ එක්ක ගුටි කන කොට මම බේරුනා...
සමහර දවස්වල කොල්ලෝ තේ බිලා ඉතුරුවෙන තේ මණ්ඩි ටික එකතු කරලා කෝප්පයකට දාලා ඒකට බිත්තියේ යන කූඹියෙක් දාලා කියනවා " අයියා තේ එකේ කූඹි...වෙන තේ එකක් දෙන්න කියලා...එතකොට අපිට තව තේ එකක් ලැබෙනවා......
. ඔය විදිහට තමයි free තේ එකක් ගන්නෙ. පස්සේ කැන්ටිමේ කවුළු දෙකක් හැදුවා . එකක් සල්ලි දෙන්න.අනික කෑම දෙන්න. Interval එක වෙලාවට ඔය කවුළු දෙකෙන් ළමයි අත දාලා සල්ලි දෙනවා ...හැබැයි ටෝකන් එකක් දෙන්නෙ නෑ..ඊට පස්සෙ ඊලග කවුලුවෙන් අත දැම්මම කෑම එක දෙනවා...අපේ නසරානියො ටික කරන්නෙ කෙලින්ම ගිහිල්ලා කෑම දෙන කවුළුවෙන් අත දානවා...එත්කොට කිව්වම " මාළු පාන්" කියලා බඩු හම්බුවෙනවා ..
. ඔය විදිහට අපි කැන්ටිමට පාඩු කරලා ඇති..දැන් තමයි තේරෙන්නෙ අපි කරපු ගොන් වැඩවල තරම...අපේ ගොඩක් උන් තාම 20, 50 ,100 ණයයි ඔය කැන්ටිමට ...මමත් රු 72 ණයයි..ජනන්ද අයියාට ඔය ටික දුන්නම් හෙන ගාණක් එකතු කරගන්න පුළුවන් ...
ඔය කැන්ටිම ඉස්කෝලේ ගොඩක් වලි පටන් ගත්ත තැනක්...කට්ටිය සෙට් වෙලා ගේම් ප්ලෑන් කරපු තැනක්...
ජනන්ද අයියා කැන්ටිම කලාට එයා පාඨමාලාවක් හදාරපු හොද සූපවේදියෙක්..
ඔය කැන්ටිමෙන් ණයට කාපු අය ඉන්නවනම් ගාණත් එක්ක ඒ මතකය comment කරන්න ..
ඕකේ රස කථා ගොඩයි...ගොඩක් අය ණයට කෑවා..මම කෑවේ අම්මාගෙ බිලට දාලා..කැන්ටිමට යන්න වේලාව්ක් කලාවක් නෑ...ලැබිච්ච ගමන් යනවා...ගිහිල්ල එක ප්ලේන්ටිය හතරපස් දෙනා බොනවා...එක වඩේ එක කෑලි දහයකට විතර කැඩෙනවා...ගොඩක්ම අන්ඩපාල වැඩ කලේ 10- 11 වසර වල...අපිට නිතියක් දැම්මා අවේලාවේ කැන්ටිම ට යාම තහනම් කියලා.
දවසක් අපේ උන් ටික කැන්ටීමේ කන කොට එකපාරටම ධනපාල සර්..(අපි ආදරය ට කිව්වේ තඩි ධනපාල සර්) කියලා...ආව ගමන් වේවැලෙන් කෙල ගෙන ගියා...කැන්ටිමේ දොරට මාව මුවා උනා...ඒක උනේ ඉබේටම ..අනිත් උන් වඩේ එක්ක ගුටි කන කොට මම බේරුනා...

සමහර දවස්වල කොල්ලෝ තේ බිලා ඉතුරුවෙන තේ මණ්ඩි ටික එකතු කරලා කෝප්පයකට දාලා ඒකට බිත්තියේ යන කූඹියෙක් දාලා කියනවා " අයියා තේ එකේ කූඹි...වෙන තේ එකක් දෙන්න කියලා...එතකොට අපිට තව තේ එකක් ලැබෙනවා......



ඔය කැන්ටිම ඉස්කෝලේ ගොඩක් වලි පටන් ගත්ත තැනක්...කට්ටිය සෙට් වෙලා ගේම් ප්ලෑන් කරපු තැනක්...
ජනන්ද අයියා කැන්ටිම කලාට එයා පාඨමාලාවක් හදාරපු හොද සූපවේදියෙක්..
ඔය කැන්ටිමෙන් ණයට කාපු අය ඉන්නවනම් ගාණත් එක්ක ඒ මතකය comment කරන්න ..
චිරාත්
Comments
Post a Comment