උදේම නැගිටලා පනිනවා කම්බි වැට
ඔතාගෙන තුවායේ රෙදිටික
යන්නෙ ලිදට හෝ නල ලිදට ඉස්කෝලේ තියෙන
බාලිදි විස්සක් ඇගට දාගෙන හනික එන්නේ මල් කඩන්නට ගොඩක් නොවේ දෙකක්
පොල් තෙල් බෝතලෙ රැගෙන හදුන්කූරු ද දෙකක් ද ගෙන ළමයි එන්නට කලින් යන්නෙ ඉස්කෝලේ බුදු ගෙදරට
වදිනවා දන්න ගාථා කියා ඊට වැඩියෙන් ප්‍රාර්ථනා .
යාළුවෝ ටික පන්තියෙ ඉන්නෙ බොක්කෙන් වෙලාවකට කොක්කක් දාගන්නෙ කෙල්ලෙක් බෙදා ගන්නට බැරුව.
ගෙදර වැඩ හෝ ගණන් ටික එකෙක් හදා පන්තියටම දීලා සර් එනකොට සිල් ගත්ත බෝ පැල.
ඉංග්‍රිසි වෙලවෙ ලෙනාඩ් සර් එනවිට වෙවැලක් ලෙස සිතා ක්‍රිකට් ඉන්නක් රැගෙන අපේ උන් ඉංග්‍රිසි වචන පාඩම් කරන්නෙ ශේක්ශ්පියර් ටත් උණ එන්න.
සිතියම් පොත අමතක වී නන්දසෙන සර් එනවිට මරණයට කැපවූ සිර කරුවා සිහිවෙයි වදකයා දකින.
කෘෂිකර්ම කාමරේ තිබ්බ පැල අන්නාසි කා දයානන්ද සර් ගෙන් අනුකම්පා අයැද චමරි ටීචගේ ගණන් වෙලාවෙ කනට හරහට කෑවා. ජගතා උගතා උනු ජගත් සර් ගෙ විද්‍යාව පාඩමේ මරබියෙන් හිනාවෙලා නයනා ටීචගේ ගණන් පාඩමේ ජ්‍යාමිතිය හිරකරන් සුරංග සර් ගේ සිංහල පාඩමේ හීනෙන් හිනා උනා. සෝභිත හාමුදුරුවෝ මෛත්‍රියෙන් පිටට තලලා භාවනාව කියා දුන් අපිට චන්ද්‍රිකා ටීචව බයිට් උනා අපිට. අවුලකපොරා අනුමස්මරණය කරපු අළුත් කෘෂිකර්ම සර්වත් දඩමසට පෙම් බැන්ද ගංජා මාස්ටර් කියු ආරියසේන සර් වත් කේසේනම් අමතක කරන්නද? කුසුම් ටීචගෙ සමාජ අධ්‍යනය , පාලිත සර් ගේ සංගීතය, විජිත සර් ගේ නැටුම් සමග අමිතා ටීච ගෙ චිත්‍ර එක්ක අපේ සාපෙල කාලේ ගියා ඔන්න ඔහොම.
ඔය අතර වැටෙන් පැන ඉස්කොලෙ කට් කර ගෙදර බත් හට්ටියම හිස් කර යාළුවෝ එක්ක නැවත ඉස්කෝලේ ගොස් දම්ඹරා ඔයෙන් නෑව අතීතය මතක් උනා මේ පින්තූරෙ දැක්කම

Comments
Post a Comment