වල් වැදුනු ගොයම 
---------------------------
නඟුල ගෙන බිම හාලා
ගඟුල බැඳ දිය දීලා...
වදුල ලග සැතපීලා...
කඳුල නැත නෙත පිරිලා...

ගැට ගසා ඉනි තියලා...
වැට ගසා වට කරලා...
කෑ ගසා පැල් රැකලා..
ඉකි ගසා දුක කියලා

මැද ගහේ පැල තනලා..
කෙස් ගහේ සිට රැකලා...
වල් ගහේ බිජු වැටිලා..
වී ගහේ බොල් හැදිලා ...

පව් වලට පිං දීලා...
නිසරු බිම් කඩ නැහිලා..
රැක්ක මුත් වෙහෙසීලා ...
ගොයම දැන් වල් වැදිලා ....

චිරාත් ...

Comments

Popular posts from this blog

ගීතයක අතීතය හා අර්ථය 1