බෙල්ල සහ ප්රේමය..


ප්රේමයේදී...

සිප ගන්නේ
බෙල්ල.
දෙන මාලේ දාන්න දෙන්නෙත්
බෙල්ල.
කරවට අත දාලා බදා ගන්නෙත්
බෙල්ල.

ප්රේමය

කෙල උනාම කෝච්චියට තියන්නෙත්
බෙල්ල
එල්ලෙන්න වැල දාගන්නෙත්
බෙල්ල
මැරෙන්නම කපන්නෙත්
බෙල්ල
ඔය ඔක්කොම නිසා ගහලා යන්නෙත්
බෙල්ල

ඒ නිසා
බෙල්ල උඩ තියෙන ඔළුව ඇතුලේ
තියෙන මොළේ පාවිච්චි කරලා
බේර ගන්න..

ඔළුව යට තියෙන බෙල්ල..

චිරාත් උයනහේවා 

Comments

Popular posts from this blog

ගීතයක අතීතය හා අර්ථය 1