මිස්ට හා බැඳුනු මිස්..

මිස්ට කෙනෙක් ගැහැණු කෙනෙක් මුලින්ම
ගෞරවාන්විත අමතන කොට
එයාව
මිස් වෙනවා.
කාලයක් යද්දී මිස්ටට
අර ගෑණු කෙනාට මිස් කියන්න
මිස් වෙනවා.
ඊටපස්සෙ
එයාත් එක්ක ගොඩක් කුළුපග උනාම
මිස්ටගේ වැඩ
මිස් වෙනවා.
සමහර වෙලාවට අර ගෑණු කෙනාගේ
යාළුවෝන්ට ඊර්ෂ්යා හිතිලා
එයාට ඉන්න යාළුවෝත්
මිස් වෙනවා.
ඔය අල්ල පනල්ලේ
අර සෙට් උන මිස්ව
මිස් වෙයි කියලා
මිස්ට
පර්ස් එක හිස් කරගෙන
ජීවිතේට ඕනම දෙවල් ටික
මිස් කර ගන්නවා.
කාලයක් ගිහිල්ලා
මිස් මිසිස් කර ගන්න
හැම දෙයක්ම මිස් නොවෙන්න
වැඩ කරන කොට
මිස්ටගේ යාළුවෝ ටික
මිස් වෙනවා.
මිස් මිසිස් කර ගන්න දවස
නැත්නම් වෙඩිම
කාටවත් මිස් නොවී කියන්න
ප්ලෑන් කරලා
දන්නම එකෙක් මිස් උනාම
ඌත් එක්ක තියෙන
ගනුදෙනුවත්
මිස් වෙනවා..
ළමයි ලපටි ඇවිල්ලා
එවුන්ගේ වැඩ ටික
මිස් නොවී කරන්න
මිස්ට වෙහෙසෙන කොට
එයාට එයාගේ ලයිෆ් එක එන්ජෝයි
කරන්න මිස් වෙනවා.
ඔය අතරේ මිස්ටට
මිස් වෙලා මිස් කෝල් එකක්
වෙන මිස් කෙනෙක් ගෙන්
ඇවිල්ලා ඒක ඩිස්මිස් නොකර
රිප්ලයි කරලා
ඒ මිස් එක්ක
මිස් නොකර චැට් කලොත්
මිසිස් උන මිස් එක්ක ලව්
එක මිස් වෙනවා.
ඔයවගේ හුටපටයක්
මිස් එකක් වෙලා
ගෙදර ඉන්න
මිස් උන මිසිස් දැනගෙන
වචනයක් මිස් ෆයර් උනොත්
මිස්ටට උන් හිටි තැන්
මිස් වෙනවා..
ඒ නිසා
මිස්ටලා මිස් කියන වචනය
ඔළුවෙන් මිස් කරගන්න හොඳ නෑ.
පිරිමියා පිරිමියෙක්,
ගැහැණිය ගැහැණියෙක් කියන
එකත් මිස්ටලා මිස්ලා මිස් කරගන්න හොඳ නෑ.
වචනයක් මිස් ෆයර් වෙලා
ගෙදර ඉන්න මිස්, ෆයර් වෙච්චි
වෙලාවක ඒක ඩිස්මිස් නොකර
අල්ලන් ඉඳලා
පීස්ෆුල් ලයිෆ් එක මිස් කර ගන්න හොඳ නෑ.
වෙන කෙනෙක් මිස් කරගන්න
ගෙදර ඉන්න මිසිස් ව මිස් කරගන්න හොඳ නෑ.
එහෙම නොවුනොත් ඔළුව, බෙල්ල
මිස් වෙන එක කාටවත් නවත්තන්න බෑ.
චිරාත් උයනහේවා .

Comments

Popular posts from this blog

ගීතයක අතීතය හා අර්ථය 1