මිස් උනේ නෑ මිස් කලේ නෑ මිස් කෙරෙව්වා,

පඩ කථා,
ජඩ කථා
බඩු කථා,
අස්සේ ලීක් වෙච්ච
කුණු කථා, කුණු වෙන්න තියෙන කථා
හොයන කොට
ගහේ වැල ඉඳිලා වැටෙද්දී
නැත්නම් වැල හැදෙන්න ගහක්වත් නොහිටවද්දී
ලීක් වෙන ඊලඟ වැල මොකක්ද කියලා...
වැලලී හොයන අතරේ...
අපේ තලු මරන රහ
බැක් සයිඩ් වෙන කොට
ෆෝවර්ඩ් එකේ අහවල් එකේ
දිග පලල, වට ප්රමාණය ගැන හොයලා
උන්ව පොරවල් කරලා
උන්ටම බනින අපිට
අපේම යුනික් මිනිස්සු ටිකක් මිස් උනා.
ඔවුන්ගේ සිතුවිලි සිත්තම් වලට
අපේ සිතුවිලි බින්දකටවත් තට්ටු කරවන්න
දෙන්න අපිට බැරි උනා..
අද එවන් කෙනෙක් ඔන්න ගියා...
දැන් එවන් අය ගැන හොයලා
කවි ලියලා නිසැදැස් ලියලා වැලපිලා
හැමිනිලා වැඩක් නැද්ද මම දන්නෙ නෑ..
ඒත්
තවත් එවන් අය මෙකේ
බැක් සයිඩ් එකේ ඉන්නවා...
ඒත් ෆෝවර්ඩ් එකේ ඉන්න
උන් උන්ගේ බැක් සයිඩ් මාර්කට්
කරන කොට
ඒවම අපේ උන් ලොවන කොට
අර මිනිස්සු මොනදේ ෆෝවර්ඩ් කරන්න හැදුවත්
ඇතිවෙන කෙහෙල් මලක් නෑ.
පුළුවන් නම් හොයන්න
ඕන තරම් මේ සයිබරය පුරාම
හැම අස්සකම එහෙම එකෙක් ඉන්නවා..
අන්න එහෙම අය ෆෝවර්ඩ් එකේ තියමු.
එහෙම උනා නම්
අපේ මොළ අපිත් එක්ක ආයේ කථා කරන්නෙ
නිකන් නෙමේ...
උම්මා එකකුත් දීලා...
චිරාත් උයනහේවා ....

Comments

Popular posts from this blog

ගීතයක අතීතය හා අර්ථය 1