නිවුන් දරුවන් දුර්ලභ කියලා හිතුවට ඔවුන් වෙන කවරදාටත් වඩා ඔවුන් සුලභ වෙමින් පවතිනවා.


“1915 සංඛ්යාලේඛන වාර්තා සිට
1980 වන තෙක්, උපත ලැබූ සෑම ළදරුවන් 50 දෙනෙකුගෙන් එක් අයෙකු නිවුන් දරුවන්,
ඒ කියන්නේ සියයට 2 ක අනුපාතයක් වෙනවා කියලා තමයි කියන්නේ.

එය පසුව තව වැඩි උනා.

ඒ කියන්නේ නිවුන් දරු උපත් අනුපාතය සියයට 76 කින් ඉහළ ගියා.
දැන් එක්සත් ජනපදයේ උපත ලැබූ ළදරුවන් 30 දෙනෙකුගෙන් එක් අයෙකු නිවුන් දරුවෙක් වෙනවා.

මෙම වැඩිවීමට බලපාන කාරණා තුනෙන් දෙකක් වන්නේ සරුබව සඳහා වන ඖෂධ භාවිතය සහ ආධාරක ප්රජනන තාක්ෂණයයි. (IVF හෙවත් නළදරු උපත්).

අනෙක් ප්රධාන කාරණය වෙන්නේ කාන්තාවන් දරුවන් බිහිකරන සාමාන්ය වයස වැඩිවීමයි.

වැඩිහිටි කාන්තාවන් ගේ ඔසප් චක්රයක් තුළ ඩිම්බ එකකට වඩා නිපදවීමට වැඩි ඉඩක් ඇත.
2009 දී උපත් වලින් සියයට 35 ක් වයස අවුරුදු 30 ට වැඩි කාන්තාවන්ගෙන් දක්නට ලැබුනා.
1980 සමඟ බලන විට සියයට 20 ක් දක්වා ඉහළ යෑමක් වෙනවා.

මීට අමතරව

හිස්පැනික් (Non Hispanic) නොවන එනම් ස්පාඤ්ඤ හා ලතින් ඇමරිකානු සම්භවයක් නොමැති කළු කාන්තාවන් අතර නිවුන් දරු උපත් ඓතිහාසිකව බහුලව දක්නට ලැබුණද සුදු කාන්තාවන් අතරද මෙම අනුපාතය වේගයෙන් ඉහළ ගොස් තියනවා.

2009 දී කණ්ඩායම් දෙකෙහි නිවුන් උපත් අනුපාතය සමාන උනා.
කළු කාන්තාවන් සඳහා උපත් 1000 කට 38 ක් සහ සුදු කාන්තාවන් 37 ක්.

හිස්පැනික්(ස්පාඤ්ඤ හා ලතින් ඇමරිකානු සම්භවයක් ඇති ) කාන්තාවන්ට දරු උපත් 1000 කට 22.5 බැගින් නිවුන් දරුවන් සිටියහ.

2009 දී ඇමරිකානු කාන්තාවන්ට නිවුන් දරුවන් ලෙස උපත ලැබූ ළදරුවන් 137,217 ක් ද, ත්රිත්ව දරුවන් 5,905 ක් ද, හතර දෙනෙකු ලෙස 355 ක් ද, පහක් හෝ ඊට වැඩි දරු උපත් 80 ක් ද සිදු උනා.

රෝග පාලනය හා වැළැක්වීමේ මධ්යස්ථානවල වසංගත රෝග විශේෂඥයන් පැවසන්නේ බහු දරු උපත් ගැටළු සහගත විය හැකි බවයි.
නිවුන් දරු ප්රසූතියේ සිටින ළදරුවන් කලින් උපත ලැබීමට නැඹුරු වේ.
එමනිසා ඔවුන්ට රෝහල් ගත වීමට වැඩි ඉඩක් ඇති අතර යම් යම් සෞඛ්ය ගැටළු ඒ නිසා ඇතිවෙන්න පුළුවන්.

චිරාත් උයනහේවා

Comments

Popular posts from this blog

ගීතයක අතීතය හා අර්ථය 1