හැමෝම ශිෂ්යත්වය ලියන්නේ පාස් වෙන්න.

එහෙනම් ඇයි මේ එක එක කථා.

පාස් අය

පොතේම
ඉන්නත් ඇති.
හොඳට දුවලා පැනලා
සෙල්ලම් කරන්නත් ඇති.

අම්මලා තාත්තා ලා මහන්සිවෙලා
උගන්වන්නත් ඇති.
සමහර අය එහෙම නැතුවත් ඇති.

ඒ අය එයාලගේ සතුට
නෑදෑයන්ට, යාළුවෝන්ට,
කියන්නත් ඇති.
ෆේස් බුක් දාන්නත් ඇති.

අනම් මනම් ලොරි ටෝක්ස් වලින්
ඒවා හෑල්ලු කරන්නේ
ඇත්තටම ෆේල් මිනිස්සු ...
හීනමානෙන් පෙළෙන මිනිස්සු.

ෆේල් අය

පොතේම ඉන්නත් ඇති.
හොඳට දුවලා පැනලා
සෙල්ලම් කරන්නත් ඇති.

අම්මලා තාත්තා ලා මහන්සි වෙන්නත් ඇති.
සමහර අය එහෙම නැතුවත් ඇති.

පාස් උනා නම්
අරගොල්ලෝ වගේ
නෑදෑයන්ට කියාවි, යාළුවෝන්ට කියාවි
ෆේස් බුක්නුත් දමාවි.

අනම් මනම් ලොරි ටෝක්ස් දීලා
මමත් ෆේල් පුතේ
මමත් ෆේල් දුවේ
ඒ නිසා උඹත් ෆේල් කමක් නෑ
කියන එක නෙමේ.

මොකක්ද කියන්න ඕන එහෙනම්.

උඹට මමවත් මට උඹවත් වගේ වෙන්න බෑ.

විභාග ෆේල් උන් ලොකේ ජයගෙන ඇති.
ඒ වගේ කථා ගොඩක් ඇති.

හැබැයි විභාග ෆේල් ඔක්කොම
ඔය ගේම් එක ගහලා නෑ.

මොනදේටත්
කැපවීම උනන්දුව තියෙන්න ඕන.

ඉලක්කය තියෙන්න ඕන.

කවුරු හරි හිතනවා නම්
එකෙන් ළමයෙක් යාන්ත්රික වෙනවා
ගුණ ධර්ම පිරිහෙනවා කියලා..

එහෙම කියන අය බහුතරයකගේ
ජීවිතය බැලුවම
ඇත්ත නැත්ත බලා ගන්න පුළුවන්.

ළමයට කියලා දෙන්න ඕන
එයා කවුද කියලා.

එවුන්ගේ මොළේට හීන ඔබ්බවන වට
වඩා
එවුන් ඔළුවේ ඔබා ගත්ත හීන ගැන අහන්න.

මොකද ළමයෙක්
කවදාවත් කියන්නේ නෑ
මම බේබද්දෙක් වෙනවා,
මිනී මරුවෙක් වෙනවා,
කියලා කියන්නෙ නෑ..

ලස්සන හීන තියෙන්නේ.
අන්න ඒ හීනේ ඉලක්කෙ කරවන්න.
එතකොට එයා ආසාවෙන් ඒකට යනවා.

පොඩි කාලේ ළමයා ඉල්ලන
ටොපි,චොකලට්, සෙල්ලම්බඩු අරං දෙනවා
වගේ
එයා ඉල්ලන හීනෙත් දෙන්න.
එයාල ඒකටත් ආසයි.

අම්මලා තාත්තා ලා ආස
එයලට මිස් වෙච්ච හීන
ළමයාගෙන් දකින්න.

අන්තිමට ළමයත් නන්නත්තාර යි.
අම්මල තාත්තාලත් නන්නත්තාර යි.

ලොකේ දිනන්න ඕන එහෙම මිසක්
මගෙත් ට්රැක් අවුල්
උඹෙත් ට්රැක් ඒ නිසා අවුල් උනාට
කමක් නෑ න්යායෙන් නෙමේ.

මේ ලොකේ ජීවත් වෙන්න
පුළුවන් එකෙක් හදන්න.
ලෝකෙන් එකෙක් හරි ජීවත් කරවන්න
පුළුවන් එකෙක් හදන්න.

ලොකෙන් ජිවත් වෙන එකෙක් නොහදා..
අපි එයාලගේ හීනෙට ඉඩදෙමු.
චිරාත් උයනහේවා

Comments

Popular posts from this blog

ගීතයක අතීතය හා අර්ථය 1