හිතින් මා නොසැලී සිටිද්දී....
ඒක මට ආයේ දැනුනා..
.............................................................................................
විදුලි පංකාව එක්ක මාත් කැරකෙන වේලාවක අපූරු සිද්ධියක් මතක් උනා.
මට යාළුවෙක් හිටියා,,,මිනිහා ඉස්කෝලේ කාලේ ගෑණු ළමයෙක් එක්ක අරළු බුළු නෙල්ලි කන්න පටන් ගත්තා.කොහොමහරි සිද්ධිය මාට්ටු උනා ගෙදරට...කෙල්ලව ගිහින් දැම්මා ගම්පහ අක්කලාගේ ගෙදර...
මූට මාර අවුල්...කෙල්ලව දකින්න විදිහක් නෑ...විස්තරයක් නෑ...අපි හිටියේ පදියතලාවේ..
මූ ලේසියෙන් අඬන එකෙක්, සැලෙන එකෙක් නෙමෙයි.
සාමන්‍යයෙන් අපේ පදියතලාවේ ගෙදරට කොල්ලො ආවේ රෑට පාඩම් කරන්න. හැබැයි ඇත්තටම උනේ යාළු වෙච්ච කෙල්ලො ගැන, යාළුවෙන්න ඉන්න කෙල්ලො ගැන කථා කරපු එක. එදා මගේ යාළුවා ෆුල් අවුලෙන් නිසා මම ගියා ඌ ගාවට...අම්මට සිරි මූ අඬනවා...කළුවරේ..මම මූගෙ හිත් සැනසෙන්න වල් පල් කියවලා මුගේ හිත හැදුවා..
අද පංති ඇරිලා එන ගමන් පොඩි සිං දුවක් මිමිණුවා..
“සිතින් මා නොසැලී සිටිද්දී
කඳුල නුඹ ඇවිදින්
නිමා කෙරුවේ නෙතේ පීඩා නොබිදිනු මැනවි“
මට එක පාරට මතක් උනේ අර සිද්ධිය .
හිතේ දුක තද කරන් ඉන්න කොට ඒ පීඩනය බිඳ දැම්මේ ඇහට උනන කඳුලු ටික. ඕනම දුකක් ඇඬුවම අඩු වෙනවා කියලා අපි හැමෝම දන්නවා..ඒ දැනෙන පීඩනය නැතිවෙලා පොඩි සැනසීමක් දැනෙනවා. සිංදුව ලියපු ප්‍රේම කීර්ති මේ පොයින්ට් එක ලෙසටම අල්ලනවා..ඔහු කියන්නේ කඳුලට ..උඹ ආවේ නැත්තම් මගේ පපුව පැලෙන්නත් තිබුනා,,ඒත් උඹ ඇවිදින් ඒ නෙතේ පිඩාව බිඳලා දැම්මා..
තනිව මා හඬනා වෙලාවේ තැවි තැවී සීතේ
වැටෙන මහ වරුසා මතක් වී නුඹ රැඳී දෑසේ..
අර සීත කළුවරේ කෙල්ලව මතක් වෙන කොට මූට ඇඬෙනවා..ඇත්තටම වහින්නෙ නෑ...වහින්නෙ ඇස් වලින් වැටෙන කඳුළු.. එ තරටම මූ අඬනවා...ඒ වැටෙන කඳුලු අස්සෙත් ඇස් දෙකේ රැඳෙන්නෙ අර කෙල්ලගේ රූපය.වැටෙන මහ වරුසා මතක් වී නුඹ රැඳේ දෑසේ කියන්නෙ එකයි.
අද විෂුවල් වල කොල්ලො හොටු අරං අඬන සීන් දාන කොට එදා ප්‍රේම කීර්ති ලා සිද්ධිය මවලා පෙන්නුවේ අන්න එහෙම.
තවම මා නොදුටු සිනා කැන් හමුවු නොවූ යාමේ
අඳුර මට කරුණා කරන්නැයි අයදිනී නිබඳේ
ඉස්සර රෑට මූ කෙල්ලව හම්බු වෙන්න ගේ ගාවට යනවා. ගිහිල්ලා අඳුරේ දකින කෙල්ල ගේ ඡායාවත් ඇති මූට දවස ගෙවා ගන්න...ඒ තරමටම මූ ආලෙයෙන් ඇඹලයෙක් වෙලා..මූට එකිව දකින්නෙ නැතුව ඉන්න බෑ...දැන් කෙල්ල ඉන්න හැතැක්ම ගානක් දුර...මූ අඬ අඬ හිතන්නෙ අර කෙල්ලගේ රූපය එදා ගෙදර ගාවට ගියාම මේ කෑලි කැපෙන කළුවරේ මූට ආයේ පෙනෙයි කියලා.. ඒත් මූ දන්නවා ඒක නිකන් මොංගල් සිතුවිල්ලක් කියලා..ඒත් මූ කැමති නෑ කෙල්ල නෑ කියලා පිළි ගන්න. මූ අර කෑලි කපන කලුවරෙන් ඉල්ලනවා..අනේ මට එයාගේ රූපය මවා ගන්න ඉඩ දෙන්න කියලා ඒත් මූට බෑ...
තවම මා නොදුටු සිනා කැන් හමුවු නොවූ යාමේ
අඳුර මට කරුණා කරන්නැයි අයදිනී නිබඳේ
කියලා කියන්නෙ ඒක.
මට ඇත්තටම මේ ගීත ගැන පුදුම හිතුනා ..තාක්ෂණය දියුණු උනත් මිනිස් සිතිවිලි එලෙසමයි..මෙවැනි යථාර්ථවාදී ගීත අද පරපුරටම අහන්න සැලැස්විය යුතු වන්නේ ඇත්තටම හිතන්න යමක් තියෙන නිසා..අකලට පිපෙන්න කලින් අඩු තරමේ පිනි පොදකවත් සීතල උන්ට දැනේවි.
චිරාත් උයනහේවා
Comments
Post a Comment